බොහෝ ඇදුම සහිත දරුවන් සහ වැඩිහිටියන්ට හුස්ම ගැනීම වඩා දුෂ්කර වන අවස්ථාද තිබේ. උග්‍ර ඇදුම සහිත සමහර අයට බොහෝ විට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවිය හැක. ඇදුම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන්නේ:
- වීසිං (Wheezing) (හුස්ම ගැනීමේදී ශබ්දයක් පිටවීම.)
- හුස්ම ගැනීමේ අපහසුතාවය
- පපුවේ තද ගතිය -පපුව වටේට පටියකින් බැඳ ඇති සේ දැනෙන පපුවේ තද ගතිය
- කැස්ස
මෙම රෝග ලක්ෂණ ඇති බොහෝ රෝග ඇතත් ඒවා බොහෝ විට ඇදුම රෝග ලක්ෂණ විය හැකි වන්නේ ඒවා:
- බොහෝ විට සිදු වන අතර නැවත පැමිණේ
- රාත්රියේදී සහ උදේ පාන්දර බොහෝ උත්සන්න වේ
- එය සිදුවනුයේ ඇදුම රෝගය වැඩිකරන හේතු වන අසාත්මිකතා (පරාග හෝ සත්ව ලොම් වැනි) සහ ව්‍යායාම වලට ප්‍රතිචාර දක්වන නිසාය
ඔබට හෝ ඔබගේ දරුවාට ඇදුම රෝගය ඇති බව සිතන්නේ නම් හෝ ඇදුම රෝගය පාලනය කිරීමට ඔබට අපහසු නම් ඔබගේ වෛද්‍යවරයා හමුවන්න.
ඇදුම ප්‍රහාර
ඇදුම සමහර විට කෙටි කාලයක් සඳහා වඩාත් නරක අතට හැරිය හැක - මෙය ඇදුම ප්‍රහාරය ලෙස හැඳින්වේ. එය හදිසියේම හෝ දින කීපයක් පුරා ක්‍රම ක්‍රමයෙන් ඇති විය හැක. උග්‍ර ඇදුම ප්‍රහාරයේ ලක්ෂණ පහත දැක්වේ:
- වීසිං, කැස්ස සහ පපුවේ තද ගතිය උග්‍ර සහ නිරන්තරයෙන් ඇති වේ
- කෑම ගන්නා විට, කතා කරණ විට, සහ නිදා ගන්නා විට ඔබට හුස්ම ගැනීම ගොඩක් අපහසු වෙනවා
- හුස්ම ගැනීම වේගවත්ය
- වේගවත් හද ගැස්ම
- නිදිමත, ව්‍යාකූලත්වය , වෙහෙසකර බව හෝ ක්ලාන්තය
- නිල් පැහැති තොල් හෝ ඇඟිලි
- ක්ලාන්ත ගතිය